සමාජ මාධ්‍යය බලපෑම
සමාජ මාධ්‍යය බලපෑම
සන්නිවේදනය
අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියකි. පුද්ගල අන්තර්
සබඳතා ගොඩනඟා ගැනීම හා පවත්වා ගෙන
යාම සඳහා
පුද්ගලයෙකුට සන්නිවේදනය අතවශ්‍ය වේ. සන්නිවේදනයෙහි
සරල අර්ථය වන්නේ, හැඟීම් , දැනීම් , අදහස් , දැනුම , යනාදිය හුවමාරු කර
ගැනීමේ ක්‍රියාවලියයි. ප්‍රාථමික
සමාජයේ විසු මිනිසුන් විවිධ ශබ්ධ , සංඥා , සංකේත භාවිත කරමින්
සරල අදහස් හුවමාරුවේ සිට වර්තමානය වන විට විවිධ ජන මාධ්‍ය හා ආංකිත සන්නිවේදන
තාක්ෂණ මෙවලම් ඔස්සේ සිදු කරනු ලබන තොරතුරු හුවමාරුව දක්වා සන්නිවේදන ක්ෂේත්‍රය
පුළුල් වී ඇත. මාෂල්
මැක්ලුහන්ගේ විශ්ව ගම්මාන සංකල්පය සැබැවක් කරමින් නුතනයේ විශ්වයම එකම පවුලක් වන
තරමටම මානව අන්තර් සම්බන්ධතා සමීප කරවීමට සන්නිවේදනය හේතු වී තිබේ. සමාජ මාධ්‍ය මෙහිදී
වත්මන් සමාජයේ මානව අන්තර් සබඳතා සමීප කරවීමේ
ප්‍රබල ම ක්‍රමවේදය ලෙස හදුන්වා දිය
හැකිය.
සාම්ප්‍රදායික මාධ්‍ය ⇨ ජන මාධ්‍ය ⇨ නව මාධ්‍ය ⇨ සමාජ මාධ්‍ය
සමාජ මාධ්‍ය
යනු
අන්තර්ජාලය භාවිත
කරමින් මිනිසුන් නිදහසේ එකිනෙකා සමඟ අන්තර් සබඳතා පවත්වන , තොරතුරු සාකච්ජා කරන , බෙදාහරින , එකිනෙකාගේ ජිවිත හා
ඔවුන් පිළිබඳ වචන , ඡයාරෑප
, හඩ
පට, වීඩීයෝ
පට සහිත බහු මාධ්‍ය එකතුවකි.
( Curtis සඟරාව - 2013 )
එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා , ක්‍රියාකාරකම්
, ජීවිත
සම්බන්ධතා වැනි දෑ අනෙකුත් ජනතාව සමඟ හුවමාරු කර ගැනීමට භාවිත කරනු ලබන අන්තර්ජාල
වේදිකාව ” සමාජ ජාල ” නමින් හඳුන්වයි.
සමාජ මාධ්‍ය ලක්ෂණ
·
සමාජ
මාධ්‍ය යනු නව මාධ්‍යවල දියුණු අවස්ථාවකි. එසේම
එය නව මාධ්‍යවලින් ම පැන නැගුණකි. දුරකථනය හා අන්තර්ජාලය මෙහි ප්‍රබල අංග වේ.
·
මෙමගින්
ගොඩනැගුණු නව මාධ්‍ය සංකල්පය හා එහි සුවිශේෂ ප්‍රවණතාවක්
ලෙස සමාජ මාධ්‍ය (Social Media ) හඳුනාගත
හැකිය.
·
අන්තර්ජාලය
පැතිර යාම මඟින් සමාජ මාධ්‍ය බිහි වී ඇත. අන්තර්ජාලය නොමැති විට සමාජ මාධ්‍ය ප්‍රායෝගිකව භාවිත කළ
නොහැකිය.
·
නව
මාධ්‍යයන්හි ව්‍යාප්තියත් සමඟ සමාජ මාධ්‍ය බිහි විය. 1994 වර්ෂයේ
Geocitis ලෙස සමාජ මාධ්‍ය අන්තර්ජාල භාවිත කරන්නට රිසි ලෙස තම
වෙබ් අඩවි නිර්මාණය කිරිමේ අවකාශය ලැබිණි.
·
සමාජ
මාධ්‍ය සුවිශේෂත්වය වන්නේ නිර්මාණය කිරිම , අන්තර්ගතය
හුවමාරැ කර ගැනීම හා සහභාගීත්වයයි. මෙය සමාජ මාධ්‍ය ජාල තුළ සිදු වන්නකි.
·
පුද්ගලයන්
හෝ පුද්ගල කණ්ඩායම් අතර සබැදි ජාලවල සන්දේශ හුවමාරු කර ගැනීමෙන් සමාජ ජාල ගොඩ නැගී
ඇත.
·
මෙහිදී
පරිශීලකයෝ ඩෙක්ස් ටොප් පරිගණක සහ ලැප්ටොප් පරිගණක ,ස්මාට්
ෆෝන් , වෙබ් අඩවි තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය වෙත අවතීර්ණ වීම
සිදු වේ.
·
පෞද්ගලික
තොරතුරු මුදා හැරීමට හැකියාව ලැබී තිබීම මෙහි ව්‍යාප්තියට ප්‍රබලව ම බලපෑවේය.
·
සමාජ
මාධ්‍ය භාවිත කරන්නන් විසින් පවත්වා ගෙන යන අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළ පවතී.
·
ඇමරිකාවෙහි
2011 වර්ෂය
වන විට මිනිත්තුවකට බිලියන 88 සමාජ මාධ්‍ය භාවිත කළ අතර 2012 වන
විට එය මිනිත්තුවකට බිලියන 121 දක්වා
වර්ධනය වී ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය
සමාජ මාධ්‍ය හරහා ,
ඩිජිටල්
පින්තූර
වීඩියෝ පට
හඬ පට
අදහස් හා
තොරතුරු හුවමාරුවීම් සිදුවන අතර සැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් හා සිදුවීම් පිළිබඳ අන් අයට එම මොහොතේම
දැනුම් දීමට මෙමඟින් ඉඩහසර විවර වී ඇත.
·
වර්තමානය වන විට සමාජ
ජාල හරහා ක්‍රියාත්මක වන පෞද්ගලික ගිණුම් ප්‍රමාණය බිලියන ගනණකි. ඒ හරහා විවිධ ක්‍රියාකාරකම්
සිදුවන අතර මේවා අතර තරගයක්ද එනිසාම නිර්මාණය වී ඇත.
·
සමාජ ජාල භාවිත
කරන්නනගේ වයස් සීමාවක් නුතනයේ හඳුනාගත නොහැකි
අතර වැඩි වශයෙන් තරුණ පිරිස් මේ තුළ ඒකරාශී වී ඇති බව හඳුනාගත හැකිය.
සමාජ
මාධ්‍ය ප්‍රභේද
ü Face book
මාර්ක් සකර්බර්ගේ
මුලිකත්වයෙන් 2004 වසරේ ආරම්භ කරන ලද මෙය ජනප්‍රිය නිදහස් සමාජ ජාල අඩවියකි. මෙය
වටා ලෝකයේ මිලියන 1600කට වඩා වැඩි පිරිසක් එකතු වී ඇත. අප
රටේ සමස්ත ජනගහනයෙන් 10% ක් 2014 වන විට මුහුණු පොත භාවිත කරන්නන් බවට පත් වී ඇත. පරිශීලකයන්ට
ඡයාරූප හා වීඩියෝ එක් කිරිමට පණිවිඩ යැවීමට , සජිවී
විස්තර ප්‍රචාරණය කරනු ලබන සහ සමාජ බලපෑමක් සිදු කළ හැකි සමාජ ජාල වෙබ් අඩවියක්
ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
ü Twitter
කෙටි පණිවිඩ
හුවමාරු කළ හැකි සමාජ ජාල මාධ්‍යයකි. අකුරු 140 කින් සමන්විත කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක මෙහි
දිනපතා මිලියන 100 ජනතාවක් මිලියන 340ක්
පමණ කෙටි පණිවිඩ දිනකට යොමු කරනු ලබන සමාජ ජාලයකි. බොහෝ
විට ප්‍රසිද්ධ සමාගමක් මෙන්ම ජනප්‍රය පුද්ගලයෝද නිල ටිව්ටර් ගිණුමක් පවත්වා ගෙන
යති.
ü Linkedin
ව්‍යාපාරික ප්‍රජාව
සහ වෘත්තික ප්‍රජාව සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. එය
විශේෂයෙන් භාවිත වන්නේ වෘත්තික ජාලකරණයක් සඳහායි. මෙම
වෙබ් අඩවියේ මුලික අරමුණ වන්නේ ලියාපදිංචි වු සාමාජිකයන්ට තම වෘත්තිය දැනුමෙන්
අභිමත පුද්ගලයන් සමඟ ජාල ගොඩ නැංවීම සහ ලේඛනගත කිරිමට ඉඩ සැලසීමයි.
ü Printerest
අන්තර්ජාලය ඔස්සේ
ඡයාරූප හුවමාරු කිරීම සහ වර්ගීකරණය සඳහා මග පෙන්වයි. රූපයක්
මත ක්ලික් කිරීමෙන් මුලාශ්‍රය වෙත ගෙන යයි. ඔබ
සපත්තු යුගලක් සහිත විස්තරයක් මත ක්ලික් කළ හොත් එය මිල දී ගත හැකි ස්ථානය පැහැදිලි
කරයි. මෙම ජාලයේ බහුතර පරිශීලකයෝ කාන්තාවෝය.
ü Instagram
ü Skype
විදුලි සන්දේශ
යෙදවුමකි. මෙමගින් හඩ , විඩියෝ හා කණ්ඩායම් ඇමතුම් සහ සම්මන්ත්‍රණ සිදු කළ හැකිය. ඒ
සඳහා පරිගණක ,ජංගම දුරකථන හෝ
වෙනත්
ආංකිත තාක්ෂණික
මෙවලම් භාවිත කළ හැකිය.
ü Viber
මීට අමතරව,
Ø Whats App
Ø QQ
Ø Wechat
Ø Qzone
Ø Snapchat
Ø Tumblr
Ø Reddit
Ø Google+
වැනි ලොව පුරා
ජනප්‍රිය වු සමාජ ජාලා වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක වේ.
සමාජ මාධ්‍ය බලපෑම
යහපත් බලපෑම
1. පහසුවෙන් හා පුළුල්ව තොරතුරු බෙදා හැරීමේ
හැකියාව.
ü
සාක්ෂරතාව අවම පුද්ගලයෙකුට වුවද
සමාජ ජාල භාවිතය මගින් ක්‍රම ක්‍රමයෙන් එහි දැනුම අවබෝධ කරගත හැකි වේ. එවිට ඉතා
පහසුවෙන් හා තමාට රිසි පරිදි පුළුල්ව තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි වේ.
2. හුදකලාව/මානසික ආතතිය නැති කර ගැනීමට හැකිවීම.
ü සමාජ මාධ්‍යයන්හි ප්‍රබල වර්ධනයට පුද්ගලයා හුදෙකලා වීම මූලික වී ඇත. එකී හුදකලා වීමත් සමඟ සමාජ ජාල සමග එහි හිතමිතුරන් සමඟ තම හැඟීම්, ආකල්ප, මතයන් බෙදාහදා ගැනීම සිදුකළ හැකිය. විවිධ මානසික ආතතීන්වලට ගොදුරු වී සිටින පුද්ගලයාට වුව ද යම් සහනයක් ලබා ගැනීමට මෙම සමාජ ජාල හේතු වීම
සිදුවේ. (එය ධනාත්මක සෘණාත්මක ලෙස සිදුවිය හැකිය)
3.
ග්‍රාහකයාට කැමති ලෙස
පරිහරණය කළ හැකිවීම.
ü සමාජ ජාල භාවිත
කරන්නන්ට තමා කැමති පරිදි තම තොරතුරු, ඡායාරූප ආදිය බෙදා හැරීම මෙන්ම සංස්කරණය කළ හැකිය.
එසේම තමාට කැමති පරිදි වෙනත් අයෙකුගේ තොරතුරු ඡායාරූප ලබා ගැනීම හෝ නොගැනීම සිදුකළ
හැකිය. අවශ්‍ය අය Block කිරීම ආදිය
සිදු කළ හැකි වීම.
4.
යහපත් ආකල්ප ප්‍රචලිත
කිරීම මගින් සමාජ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාගත හැකිවීම.
ü ගව ඝාතනය
තහනම් කිරීම, මත් රකුසාගෙන් ළමා පරපුර ආරක්ෂා කර ගැනීම ආදී ආකල්ප සඳහා සංවිධානය වී
සමාජ ප්‍රශ්න විසඳිය හැකි වීම.
ü නූතනයේ
රැල්ලක් ලෙස තාප්පවල චිත්‍ර ඇඳීම ප්‍රචලිත වීමට සමාජ ජාල හේතු විය.
5.
සමාජ සුබ සාධනය,
යහපැවැත්ම, මානසික සංවර්ධනය සඳහා අනුග්‍රහය ලැබීම.
ü දුප්පත්
මිනිස්සුන්ට නිවාස සාදා දීම වකුගඩු රෝග ආදී විවිධ රෝග සඳහා ප්‍රතිකාර, නිරෝගී
දිවියට උපදෙස්, සියදිවි හානිකර ගැනීම් ආදියට උපදෙස් ලබාදෙන සංවිධානාත්මක කණ්ඩායම්
සමාජ ජාල මගින් තම සේවය ලබාදීම.
6.
කාර්යක්ෂමව හා අඩු
වියදමකින් තොරතුරු බෙදාහැරීමට.
ü විවිධ ආපදා
කාලගුණික උපද්‍රව, ලැව්ගිනි ආදී තොරතුරු ක්ෂණිකව ඉදිරිපත් කිරීම මගින් ජනතාව
දැනුවත් කිරීම හා උදව් අවැසි වූවන්ට ක්ෂණිකව උදවු පැතීමට සමාජ ජාල උපකාරී වේ.
7.
දැනුම හුවමාරු කර
ගැනීම සඳහා මෙන්ම පුද්ගල නිර්මාණශීලීත්වය බෙදා හදා ගත හැකිවීම.
ü කණ්ඩායම් ගත වීම
මගින් දැනුම, තොරතුරු, උපදෙස් බෙදාහදා ගැනීමට, ගැටලු විසඳා ගැනීමට හැකි වේ. එසේම
නිර්මාණශීලීත්වය බෙදාහදා ගැනීමට ද හැකියාව සමාජ ජාල මගින් ලබා දේ.
උදා- මැහුම්
ගෙතුම්/ Job පිළිබඳ/ විභාග පිළිබඳ Facebook Page පැවතීම, ආහාර
පිසීම සම්බන්ධව Blog පවත්වා ගෙන
යාම.
-නව නිර්මාණ පිළිබඳ ලෝකය දැනුවත් කිරීමට.
8.
ගබඩා කර ගැනීමේ පහසුව/
මතක ගබඩාවක් වීම.
ü තොරතුරු ගබඩා වන්නේ
සයිබර් අවකාශය තුළ නිසා අසීමිතව තොරතුරු ගබඩා කර ගත හැකිය.
ü සිසුන්ට
කඩදාසිවල ලිවීමට වඩා Blog භාවිතා කළ
හැකිය.
ü ගබඩා කර කල් තබා
ගැනීමේ දී හානි සිදු නොවීම ද මෙහිදී වැදගත් වේ.
9.
දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලියට
සක්‍රිය ලෙස දායක කර ගත හැකි වීම.
ü ශිෂ්‍ය කේන්ද්‍රීය
අධ්‍යාපන රටාව තුළ අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි, විවිධ Page, Blog අඩවි, YouTube මගින් දුරස්ථව සිට
වුවද තොරතුරු සම්ප්‍රේෂණය කර ගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය වර්ධනය කරගත හැකිය.
10.
ව්‍යාපාරික කටයුතු සඳහා බෙහෙවින් දායක වීම
ü
නූතනයේ බහුලව පවතින්නේ
online shopping ක්‍රමවේදයකි. මේ
සඳහා සමාජ ජාල ප්‍රධානව ම උපකාරී වේ. භාණ්ඩ හා සේවා විකිණීම, මිලදී ගැනීම,
හුවමාරුව මෙන්ම ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද මෙහිදී හැකියාව ලැබේ.
අයහපත් බලපෑම
1.
සංවේදී සබඳතා අඩුවීම.
ü මුහුණට මුහුණ හමු වී සංවේදී අත්දැකීම් හුවමාරුවලට වඩා සමාජ
ජාල මගින් අපරාධ, සමීපයෙකුගේ මරණ අවස්ථා බෙදාහැරීම තුළදී ඊට ප්‍රතිචාර ලෙස Emojis, Sad react ආදිය පමණක් ඉදිරිපත් වීම
හඳුනාගත හැකිය. එය සංවේදී සබඳතා අඩුවීමට හේතු වේ.
2.
පවුල් ආරවුල් ඇතිවීම/ කුටුම්භයේ සබඳතා
ගිලිහී යාම.
ü නූතනය තුළ දුරකථනය හා සමාජ
ජාල භාවිතය නිසා කුටුම්භය තුළ පවා පුද්ගලයින් හුදෙකලා වීම දැකිය හැකිය. එමගින්
පවුල් සබඳතා දුරස් වේ.
ü සමාජ ජාලවල අහිතකර පුද්ගල සබඳතා ගොඩනැගීම මගින් විවාහ ජීවිතය දෙදරා යාම නූතනයේ බහුලව හඳුනාගත
හැකිය.
3.
පෞද්ගලිකත්වයට ගැටලු ඇතිවීම
ü අවසරයකින් තොරව පරිශීලකයන්ගේ ගිණුම්වලට ඇතුල්වීම මඟින් ඔවුන්ගේ තොරතුරු ලබාගත හැකිවීම. එවිට එකී පුද්ගලයාගේ
පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවේ.
4.
හිමිකාරීත්වය හඳුනාගත නොහැකි වීම.
ü ව්‍යාජ ගිණුම් පවත්වා ගැනීම අනන්‍යතාව
හෙළි කිරීමට නොහැකි වීම මඟින් පුද්ගලයා අපහසුතාවට පත් වේ. එවිට එම ගිණුම්හි හිමිකාරීත්වය පිළිබඳව සත්‍යතාවය සොයාගත නොහැකි
නිසා ගැටලු ඇතිවේ.
5.
ප්‍රචණ්ඩ ක්‍රියා, දූෂණ, අල්ලස් ආදී
සමාජ පිළිල වර්ධනය වීම.
ü අහිතකර පුද්ගල සබඳතා සමග ගනුදෙනු කිරීම
මගින් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වේ. එනම් අසභ්‍ය දර්ශන මෙන්ම විවිධ පුද්ගලයන්ගේ
අඩ නිරුවත් ඡායාරූප සමාජගත කරනවා යයි තර්ජනය කිරීම් හමුවේ මෙවැනි සමාජ පිළිල
වර්ධනය වේ. සියදිවි හානිකර ගැනීම් ආදිය ද එමගින් සිදුවේ.
6.
ඇබ්බැහි වීම.
ü සමාජ ජාල හා දුරකථනය දැන් පුද්ගලයාට
නැතුවම බැරි දෙයක් බවට පත්ව තිබේ. එනම් එය භාවිතයෙන් වැළකී සිටීමට ඔවුන්ට නොහැකි වේ.
එමගින් අධ්‍යාපනය ලබන ළමුන්ට අධ්‍යාපනය බිඳ වැටීම, සමාජ සබඳතා බිද වැටීම ආදිය
සිදුවීම සිදු වේ.
ü පරිගණක ක්‍රීඩා ආදියට
ළමුන් ඇබ්බැහි වීම.
7.
අනවශ්‍ය ක්‍රියාවලට පුද්ගලයින් පෙළඹවීම.
ü අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීම මෙන්ම කාලයෙන්
කාලයට එන අහිතකර විලාසිතා/Trend නිසා සමාජ
ගැටලු ඇති වීම.
ü සියදිවි නසාගැනීම්, මිනීමැරුම්,
වීඩියෝගත කර සමාජගත කිරීමට පුද්ගලයා පෙළඹීම
මගින් ද ගැටලු ඇතිවේ.
8.
වැරදි තොරතුරු
පළ කිරීම.
ü සත්‍ය නොවන අසත්‍ය තොරතුරු
පල කිරීම මගින් සමාජ ජාල පරිශීලකයන් නොමග යාම සිදු වේ.
උදා- ප්‍රසිද්ධ පුද්ගලයන් මියගිය බව පළ
කිරීම.
-වැරදි තොරතුරු
වංචාවෙන් මුදල් ලබාගැනීම් ආදිය සිදුවීම.
9.
වියදමක් දැරීමට සිදුවීම.
ü ජන මාධ්‍යවලට සාපේක්ෂ ව
වැඩි වියදමක් දැරීමට සමාජ ජාල භාවිතයේදී සිදු වේ. එනම් අන්තර්ජාල පහසුකම් ලබාගැනීම
සඳහා වියදමක් දැරීමට සිදුවේ.
10.
සයිබර් හිරිහැර
ඇති වීම.
ü සයිබර් පහර දීම් ආදිය
විවිධ ත්‍රස්ත කණ්ඩායම් මගින් සිදු කිරීම.
ü යුධ ගැටුම් අවස්ථාවල
අන්තර්ජාල පහසුකම් සඳහා බාධා කිරීම්
සිදු කිරීම.
මේ ආදී වශයෙන් අති විශාල
ප්‍රමාණයක් සමාජ ජාල සමග විශාල ප්‍රමාණයක් පුද්ගලයින් අන්තර්ජාලය හා එක් වී හිතකර අහිතකර
ඵල විඳින අතර මේ හරහා ට්‍රිලියන ගණනක් මිනිසුන් එක් පවුලක් මෙන් එකට බැඳී ඇත. සමාජ
ජාල දැනුම වැඩිකර ගැනීමේ මාධ්‍යක් ලෙස මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සඳහා ද නූතනයේ භාවිත
වෙයි. එනිසා සාක්ෂරතාවයෙන් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කිරීම මගින් අහිතකර ප්‍රතිඵලවලින්
වැළකී හිතකර ප්‍රතිඵල අවශෝෂණය කරගැනීමට හැකියාව ලැබේ.
ආශ්‍රිත ග්‍රන්ථ
නාමාවලිය
1.
ඇතුගල ආරියරත්න, 2005, රූපවාහිනී සන්නිවේදනය, රත්න ප්‍රකාශකයෝ, කොළඹ 10.
2.
කුමාරපේලි තිසර, 2007, සංස්කෘතික සන්නිවේදනය, චතුර මුද්‍රණ
ශිල්පියෝ.
3.
ජිනදාස පුෂ්පකුමාර
මනෝජ් C, 2012, මාධ්‍ය හා නව මාධ්‍ය
ඉතිහාසය, ජයවි ප්‍රින්ටර්ස්.
4. දෑරංගල සුනිල්, 2016, සන්නිවේදනය සහ සමාජය, සී/ස ඇස්. ගොඩගේ සහ
සහෝදරයෝ (පුද්) සමාගම.
5.
නිශ්ශංක චන්දිම, 2004, ජන මාධ්‍ය ප්‍රචණ්ඩත්වය
හා ළමා අයිතිවාසිකම්, ඇස්. ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ 10.
D.G.A.සෙව්වන්දි
AR 84953
AF / 15 /11811
ශ්‍රී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



Comments
Post a Comment